සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනය - කොස්ගම
ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය ආරාමීය අධ්‍යාපන සම්ප්රදාය සුරකිමින්, පිරිවෙන් ක්ෂේත්රයට අවශ්‍ය වියත්, කුසලතා පූර්ණ සහ ශික්ෂාකාමී පැවිදි ගුරු පරපුරක් බිහි කිරීමේ උදාර පරමාර්ථයෙන් අප ආයතනය ක්‍රියාත්මක වේ
අධ්‍යාපන මූලධර්ම, මනෝ විද්‍යාව, බුද්ධ ධර්මය මෙන්ම සිංහල, පාලි, සංස්කෘත සහ ඉංග්‍රීසි ඇතුළු විෂය ධාරාවන්ගෙන් සමන්විත දෑ අවුරුදු වෘත්තීය ගුරු පුහුණු පාඨමාලාවන් හරහා, දැනුම, ආකල්ප සහ ප්‍රායෝගික කුසලතාවන්ගෙන් පිරිපුන් පෞරුෂවත් ගුරු පරපුරක් දැයට දායාද කිරීම අපගේ නිල මෙහෙවරයි
ආයතනික දැක්ම සහ මෙහෙවර (Vision & Mission)
අපගේ දැක්ම (Vision): ත්‍රිවිධ ශාසනය ප්‍රගුණ කරන, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී දැනුම, ආකල්ප, කුසලතා හා නිපුණතාවන්ගෙන් පිරිපුන් පෞරුෂවත් ශ්‍රී ලාංකේය පිරිවෙන් ගුරු පරපුරක් දැයට දායාද කිරීම
. අපගේ මෙහෙවර (Mission): පිරිවෙන් පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව ධර්ම ඥානයෙන් හා විනීතභාවයෙන් යුක්ත, අද්‍යතන යුගයට ගැළපෙන සමාජානුයෝගී පරිකල්පන ශක්තියෙන් අනූන පැවිදි පඬිවරුන් සහ වෘත්තීය නිපුණතාවලින් පිරිපුන් ගුරුවරුන් පුහුණු කිරීම
.
කථිකාචාර්ය මණ්ඩලය
01. පූජ්‍ය කණම්පැල්ලේ සුමනනන්ද හිමි (ආයතනාධිපති)
02. පූජ්‍ය බඹුරුගම ධම්මවංස හිමි (නියෝජ්‍ය ආයතනාධිපති)
03. යූ.එස්.ජී.එස්. රුද්‍රිගෝ මහතා (ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය)
04. පූජ්‍ය මාපපිටිගම ඉන්දසාර හිමි ( ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය)
05. පූජ්‍ය කුඩගම සුමංගල හිමි ( ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය)
06. ආර්.එ ්. විමල් ප්‍රේමතිලක මහතා ( ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය)
07. ඩබ්.එ ්.එම්.එස්.සී. වික්‍රමසිංහ මහතා ( ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය)
08. එම්.එස්. රුක්මන් සමරසිංහ මහතා (සේවා අනුය ුක ්ත කථිකාචාර්ය)
අනධ්‍යයන කාර්යමණ්ඩලය
01. පූජ්‍ය හක්මණ විමලජෝති හිමි (සංරක ්ෂක හා විනය පාලක)
02. කේ.එල්. ප්‍රියන්ත මයා
03. අයි.ජී. චන්දන මයා
04. එස්.එම්.ඩී. සේනානායක මයා
05. පී.එම්.එස්. පුෂ්පකුමාර මයා